දේශීය

වසන්ත මුදලිගේ දින 90ක් රඳවා තබා ගැනීම ස්ටාලින් හෙළා දකී

(UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගැනීම හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ස්ටාලින් අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් රජය වෘත්තීය සමිති මර්දනය කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් රැසක් පවතින බවද ඔහු පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රිපුද්ගලයන් රඳවා තබන ලෙස කළ ඉල්ලීම අනුමත කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හෙළා දකින බව ඔහු පැවසීය.

Related posts

රත්නපුර දිස්ත්‍රික් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

Editor O

ලෙබනනයේ රැදී සිටින ලාංකිකයින්ට PCR පරීක්ෂණය නොමිලේ

Mohamed Dilsad

හෙට බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment