දේශීය

ලෙබනනයේ රැදී සිටින ලාංකිකයින්ට PCR පරීක්ෂණය නොමිලේ

(UTV | කොළඹ) – මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්.

Related posts

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි

Mohamed Dilsad

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

Mohamed Dilsad

”රට වැටිල තියෙන තත්වය රටේ ප්ලේන් ගෙන්වීම ගැන ලැජ්ජයි”

Mohamed Dilsad

Leave a Comment