දේශීය

”රට වැටිල තියෙන තත්වය රටේ ප්ලේන් ගෙන්වීම ගැන ලැජ්ජයි”

(UTV | කොළඹ) – රට තුළ ඉන්ධන, පොහොර, බෙහෙත් සහ කඩදාසි හිඟයක් පවතින මොහොතක ගුවන් යානා මිල දී ගැනීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

“මේ රටේ තෙල් නැති කොට, මේ රටේ පෝර නැති කොට, මේ රටේ බෙහෙත් නැති කොට, මේ රටේ කඩදාසි නැති කොට මොකක්ද ඇවිල්ලා කියන්නේ? ලැජ්ජා වෙන්න ඕනේ. අපිට ඕනේ ප්ලේන් කියලා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය අයින් කරන්න. මම අගමැතිතුමාගෙන් අහනවා ඔබ තුමා අද මෙතනට ආවේ රටේ ආර්ථිකය ගැන අපි එක්ක කතා කරන්න. මේ ඔක්කොම විවෘතව තියන්න ඕනේ. අපිට තීරණයක් අරගන්න. ඒ අයට තීරණයක් ගන්න බෑ. මේකට වග කියන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව එපා කිව්වොත් එපා. ඒ නිසා මේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙතන තියාගන්න ඕනේ ද නැද්ද කියන එක එන සුමානේ අපි තීරණය කරමු.”

ගුවන් යානා 21ක් දිගු කාලීන බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීම ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය දා තීරණය කර තිබුණු අතර ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බව එම ගුවන් සේවය පැවසීය.

Related posts

නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැම්බර් මාසයේදී…

Editor O

මහමැතිවරණයට අදාළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද

Mohamed Dilsad

මහනුවර කොටුව නව දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment