Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ පෙති ගැලවේ – රනිල්ගේ මල් පිපේ

(UTV | කොළඹ) –

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව එම පිරිස ප්‍රකාශ කර තිබේ. මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ඊයේ සවස රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට පිරිසක් විරුද්ධ වූ බවද එම පක්ෂයේ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

එලෙස විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයේදී ඊයේ (29) රාත්‍රියේ රැස්වී ඇත. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී තිබේ.

මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ බව ට අනාවරණය වෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එම පිරිස තීරණය කර තිබේ.

Related posts

கதிர்காமம் பகுதியில் துப்பாக்கி சூடு; நபர் ஒருவர் பலி

Mohamed Dilsad

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළ් වෙයි

Mohamed Dilsad

Leave a Comment