දේශීය

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම ගැන සජිත් ප්‍රශ්න කරයි

(UTV | කොළඹ) – සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම සහ , වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ හේතුවක් වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

අන්තනෝමතික ලෙස සිදුකරන දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකින බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකලේ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට අද කොළඹ කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදීයි.

විපක්ෂ නායකවරයා කියා සිටියේ සාමකාමීව රැස්වීමට, විසම්මුතිය පෙන්වීමට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ දේශපාලන අයිතිවාසිකම් පෙන්වීමට ව්‍යවස්ථාපිත අයිතිය සෑම පුද්ගලයෙකුටම ඇති බවයි.

ප්‍රචණ්ඩත්වයට ද ඉඩක් නොතැබිය යුතු බව ඔහු සඳහන් කළේය.

Related posts

නාමල් රාජපක්ෂ සහ සුමන්තිරන් අතර හමුවක්

Editor O

දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment