දේශීය

පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

(UTV | කොළඹ) – සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස අද අධිකරණය නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විරෝධතාවය පළකරමින් තම සේවාදායකයාගේ ඡායාරූප පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළවී ඇති නිසා එම පෙරෙට්ටුව පැවැත්වීමේ නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දෙනු ලැබීය.

කෙසේ වෙතත් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යොමු කරන ලෙස නියෝග කළේය.

Related posts

ලාංකිකයන්ට ස්වයං නිරෝධායනයෙන් තොරව එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

Mohamed Dilsad

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment