දේශීය

නෝටන්බ්‍රිජ් පස් කන්දක් නායයාමෙන් පුද්ගලයෙක් මරුට

(UTV | නෝටන් බ්‍රිජ්) – නෝටන් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ ප්‍රදේශයේදී පස් කන්දක් නාය යාම නිසා පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ උදාසන මෙ නායයාම වාර්තා වූ අතර අදාල පස් කන්ද නිවාස දෙකක් වෙත නඩා වැටී ඇතැයි සදහන්.

ඉන් එක් නිවසක් තුල තිබියදී මෙම මියගිය පුද්ගලයාගේ සිරුර සොයා ගැනුනේ.

ඔහු ටැප්ලෝ විදුලිපුර ප්‍රදේශයේ පදිංචි ව සිටි 39 හැවිරිදි අයෙක්.

දේහය නාවලිපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙම නායයමෙන් පවුල් 08 ක පුද්ගලයින් 17 ක් අවතැන් වී ඇති අතර ඔවුන් නෝටන් බ්‍රිජ් ව්හාරස්ථානය වෙත යොමුකළ බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් වෙනුවෙන් සුබසාධක පහසුකම් ක්‍රියාත්මකයි.

Related posts

අගමැති හෙට බංග්ලාදේශයට

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළ යන ලකුණු

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

Leave a Comment