දේශීය

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

(UTV | කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රදේශ ගණනාවක පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් හා විශාල ගල් දුම්රිය මාර්ගය වෙත පතිතවීම් වාර්තා වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

මේ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කෙරුණු අතර අද දිනයේත් ඒවා අවලංගු විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

Related posts

ඇණ සහිත බැරියර් ගැන නීතීඥ සංගමයෙන් දැඩි අවධානය

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකර ගත් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

Editor O

පාර්ලිමේන්තුවේ ආසන 225 සඳහා අපේක්ෂකයින් 8,352ක් නාමයෝජනා දීලා.

Editor O

Leave a Comment