Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකර ගත් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණි. සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබේ.

කෙසේවෙතත් බොහෝ පළාත් පාලන ආයතනවල සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට එම පක්ෂවලට නොහැකි වී තිබේ. මේ අතර කොට්ඨාශ මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙයි. කොට්ඨාස මට්ටමින් තේරී පත් වී ඇති කාන්තා නියෝජනයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පත් කළ යුතු කාන්තා නියෝජිතයින් පිළිබඳව දැනුම්දීමට නියමිතය. 

Related posts

கடும் மழை – வெள்ளத்தில் சிக்கி இதுவரை 110 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ෂෙහාන් සේමසිංහගෙන් ආර්ථික ඉලක්ක 03ක්

Mohamed Dilsad

மர ஆலை பதிவு குறித்த வர்த்தமானி அறிவித்தல் ஒரு மாதத்திற்குள்.

Mohamed Dilsad

Leave a Comment