දේශීය

හිටපු ජනපති මෛත්‍රී පිලිපීනයට

(UTV | කොළඹ) – ‘ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022’ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින (29) පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

විශ්ව සාම සංවිධානය විසින් මෙහෙයවනු ලබන එම සමුළුව සඳහා රටවල් 28ක රාජ්‍ය නායකයින් සහ පාර්ලිමේන්තු නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය.

හෙට (30) සහ අනිද්දා මෙම සමුළුව පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ “කොරියානු අර්ධද්වීපය ඒකාබද්ධ කිරීම උදෙසා සාම ක්‍රියාවලියට සංකෘතිකමය අඩිතාලමක් යෙදීම” ය.

මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව ඔහුගේ මාධ්‍ය ඒකකය පැවසීය.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය උදෙසා විදේශ රටවලින් ලබාගත හැකි සහය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට ඔහු බලාපොරොත්තු වන බව හයවන විධායක ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.

Related posts

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

Mohamed Dilsad

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

Editor O

දුම්රිය ස්ථානාධිපතිලාගෙන් ආණ්ඩුවට රතු එළියක්

Editor O

Leave a Comment