දේශීය

ජනපති ඡන්දයට අරගලයෙන් කොන්දේසියක්

(UTV | කොළඹ) – ‘#GOTAGOHOME’ මැයෙන් ආණ්ඩුවට එරෙහිව ගාලු මුව‍ෙදාර පිටියේදී ආරම්භ කළ විරෝධය ඊයේ (17) දින 100 සම්පූර්ණ කළේ ය.

ආණ්ඩුවට එරෙහිව පසුගිය මාස කීපය පුරා දියත් වූ මහජන විරෝධතාවලදී හා වීදි සටන්වලදී මිය ගිය අරගලකරුවන් සිහිපත් කරමින් ගාලු මුව‍ෙදාර ඒ නිමිති කරගෙන විවිධ වැඩසටහන් පැවැත්විණි.

මේ අතර, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ගාලු මුව‍ෙදාර අරගලකරුවෝ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා මාලාවක් ද ඊයේ (17) ආරම්භ කළහ.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහට ඡන්දය නොදෙන්නැයි දේශපාලන පක්ෂවලට බල කිරීම මෙම සාකච්ඡා මාලාවේ මූලික අරමුණක් බව පැවැසේ.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග ඊයේ ඒ යටතේ සාකච්ඡා පැවැති අතර තවත් සාකච්ඡා කීපයක් අද (18) පැවැත්වෙන බව අරගලකරුවන් වෙනුවෙන් පැවසීය.

Related posts

රෝසි CIDයට

Mohamed Dilsad

අන්තර්ජාලය හරහා ඉගෙනීමේදී සිසුන්ට දුෂ්කරතා [VIDEO]

Mohamed Dilsad

එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment