දේශීය

ඉන්දීය ණයෙන් ලැබෙන දෙවන පොහොර තොගය ඉදිරි සති දෙක තුළ

(UTV | කොළඹ) – ඉන්දීය ණය වැඩපිළිවෙළ යටතේ ලැබෙන දෙවන පොහොර තොගය සහිත නැව ඉදිරි සති දෙක තුළ මෙරටට ළගා වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඊට පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් ඇතුළත්. ඉන්දීය ණය වැඩපිළිවෙළ යටතේ හිමිවන පොහොර මෙට්‍රික් ටොන් 65,000 න්, ටොන් 44,000 ක පළමු තොගය රැගත් නැව පසුගිය සතියේ මෙරටට ළගාවුණා.

අදාළ පොහොර තොගය මේ වනවිට ගොවීන් වෙත බෙදාහරිනු ලබන්නේ ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසිනුයි.

එම පොහොර බෙදා හැරීමේදී අවශ්‍ය කරන ඉන්ධන ලබාගැනීම අවශ්‍ය මුදල් අද දිනයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

Related posts

සමස්ත ආසාදිතයින් 2061 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්

Mohamed Dilsad

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment