දේශීය

අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුල්වී තිබෙනවා.

මේ වන විට විරෝධතාකරුවන් එම කාර්යාලය තුල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව විරෝධතාකරුවන් විසින් කඩා දමා ඇති අතර එම ස්ථානයේ දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබීම නිසා ඔවුන්ට කාර්යාල භූමියට ඇතුල්වීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරන්නැයි චීන සමාගමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

Editor O

කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment