දේශීය

අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුල්වී තිබෙනවා.

මේ වන විට විරෝධතාකරුවන් එම කාර්යාලය තුල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව විරෝධතාකරුවන් විසින් කඩා දමා ඇති අතර එම ස්ථානයේ දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබීම නිසා ඔවුන්ට කාර්යාල භූමියට ඇතුල්වීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

පාසල් වෑන් රථ රියදුරෙක් 11 ශ්‍රේණියේ දැරියකට කළ අපරාධය

Mohamed Dilsad

ඔන්ලයින් පනත ගැන ඡන්දයක් | ප්‍රතිඵල මෙහෙමයි

Mohamed Dilsad

බදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment