දේශීය

වෙළඳපොළේ පාපැදිත් හිඟ වෙයි

(UTV | කොළඹ) – වෙළඳපොළේ පාපැදි තොග අවසන්වීම හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අපහසුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම, පාපැදි තොග අවසන් වීමත් සමඟ අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ පාපැදි අලෙවි කරන බවට යි වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන්ධන අර්බුදයත් සමඟ පාපැදි සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් මේ වනවිට පවතිනවා.

පාපැදි තොග අවසන් විමත් සමඟ ඇතැම් පාපැදි අලෙවිකරුවන් සාමන්‍ය පාපැදියක් රුපියල් 60,000 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගියර සහිත පාපැදියක මිල ද රුපියල් 77,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමක පාපැදි ගෙවීමේ ක්‍රමයට ලබා දීමට ඇතැම් පාපැදි අලෙවි ආයතන කටයුතු කරමින් සිටිනවා.

Related posts

IOC පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි

Mohamed Dilsad

පාකිස්තානයෙන් සැමවිටම ශ්‍රී ලංකාවට සහාය – මහ කොමසාරිස්

Mohamed Dilsad

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment