දේශීය

‘ඉදිරි දින 10දී තෙල්-ගෑස් ගැටලුවට විසඳුමක්ලු’

(UTV | කොළඹ) – ඉන්ධන හා ගෑස් අර්බුදයට ඉදිරි දින 10 තුළදී යම් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

එම වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරියේදී ජනතාවට ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දස දෙනා සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණු ප්‍රකාශ කළ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා කීය.

රටේ වර්තමාන තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා එම ප්‍රශ්න විසඳීම පිළිබඳ ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට පොරොන්දු වූ බව ද එල්ලාවල මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ට අදාළව අධිකරණය දුන් නියෝගය

Editor O

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ගෝලීය ආර්ථික අවපාතයක් ගැන IMF වෙතින් දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment