දේශීය

‘ඉදිරි දින 10දී තෙල්-ගෑස් ගැටලුවට විසඳුමක්ලු’

(UTV | කොළඹ) – ඉන්ධන හා ගෑස් අර්බුදයට ඉදිරි දින 10 තුළදී යම් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

එම වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරියේදී ජනතාවට ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දස දෙනා සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණු ප්‍රකාශ කළ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා කීය.

රටේ වර්තමාන තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා එම ප්‍රශ්න විසඳීම පිළිබඳ ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට පොරොන්දු වූ බව ද එල්ලාවල මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

කිසිදු මානව හිමිකම් කඩවිමකට රජය අනුබල දී නැහැ

Mohamed Dilsad

මැතිවරණය ගැන තීරණයට කොමිසම ලබන 04 වනදා රැස්වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් බැසිල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment