දේශීය

නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – සියයට 22 කින් ඉහළ දමන ලද නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි.

මේ අනුව රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 40 ක් වනු ඇති.

නව සංශෝධනය අනුව, මෙතෙක් ඉහලම සාමාන්‍ය සේවා බස් රථ ගාස්තුව ලෙස පැවැති කතරගම සිට යාපනය දක්වා රුපියල් 2417 ක්ව පැවැති ගාස්තුව රුපියල් 2948 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

අධිවේගි මාර්ග වල බස් ගාස්තු ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන අතර, රුපියල් 1210 ක්ව පැවැති මාතර සිට කොළඹ දක්වා අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 1480 ක් දක්වා ඉහල යනු ඇති.

මාකුඹුරේ සිට මාතර දක්වා නව බස් ගාස්තුව වනුයේ රුපියල් 1320 ක්. මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව ද රුපියල් 1060 ක් දක්වා ඉහළ යනු ලබනවා.

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා අධි සුඛෝපභෝගි වැඩිම බස් ගාස්තුව නව සංශෝධන සමග රුපියල් 4450 ක් දක්වා ඉහළ යන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් අවතැන්වූවන් 6600ක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

Editor O

Leave a Comment