දේශීය

ඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයි

(UTV | කොළඹ) – ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින් සිය රාජකාරියට වාර්තා නොකිරීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව රඹුක්කන, මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත, පානදුර, වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය දුම්රිය කිහිපයක් ද මෙලෙස අවලංගු වී තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා කළින් ආසන වෙන් කරවාගෙන ධාවනය වන උදයදේවි දුම්රිය ද අවිස්සාවේල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රෝහල් ආශ්‍රිත සැලොන් සහ ආපනශාලා තවදුරටත් වැසෙයි

Mohamed Dilsad

කොළඹ වාහන තදබදය විසදන්න ත්‍රිවිද හමුදා සහය

Mohamed Dilsad

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment