දේශීය

ඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයි

(UTV | කොළඹ) – ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින් සිය රාජකාරියට වාර්තා නොකිරීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව රඹුක්කන, මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත, පානදුර, වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය දුම්රිය කිහිපයක් ද මෙලෙස අවලංගු වී තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා කළින් ආසන වෙන් කරවාගෙන ධාවනය වන උදයදේවි දුම්රිය ද අවිස්සාවේල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රාජිතගෙන් මරණ තර්ජන එල්ලවන බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් නවදිල්ලි නුවර සිට ලංකාවට

Mohamed Dilsad

රත්මල්යයේ කොරෝනා රෝගියා ඇසුරු කල 39ක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment