දේශීය

ඉන්ධන සොයා ඇමතිවරු විදෙස්ගත වෙති

(UTV | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්ධන සහ ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ වන අතර ඉන්ධන ලබාගැනීම සඳහා එහිදී මූලිකත්වය හිමිවනු ඇත.

ඊට අමතරව ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා රුසියාවට යාමට නියමිතව තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

Related posts

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරිය සහ සැමියා ගම්වාසීන්ගෙන් ගුටිකයි…?

Editor O

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

රට ගොඩනග වැඩපිළිවෙලට සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය දෙන්න. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment