Trending Newsඑසැන පුවත්දේශීය

රට ගොඩනග වැඩපිළිවෙලට සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය දෙන්න. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මහ මැතිවරණයේ දී කඩාකප්පල්කාරී ක්‍රියා හරහා දේශපාලන බලය ලබාගැනීමේ වැඩසටහනක් තමන් සතුව නැති බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැද කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. සමගි ජන බලවේගය ඉදිරිපත් වෙලා ඉන්නේ රට ගොඩනගන වැඩපිළිවෙලට. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔබගෙන් බලය ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් රට දුර්වල කරන්න නෙවෙයි. රට අකර්මන්‍ය කරන්න නෙවෙයි. මේ රට ගොඩනගන වැඩසටහනට ප්‍රතිපත්ති නිර්මාණය කරන්නයි. ඒ වගේම, මහජනතාව වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කිරීම සඳහා යි සමගි ජන බලවේගය ජනතාවගෙන් බලය ඉල්ලන්නේ. යැයි කීවේය.

Related posts

சட்டவிரோத போதை பொருள் வர்த்தகர்களது சொத்துக்களை அரசுடைமையாக்க நடவடிக்கை

Mohamed Dilsad

Women’s singles semifinals today

Mohamed Dilsad

INSEE சீமெந்துக்கு இரண்டு சிறந்த முகாமையாளருக்கான விருதுகள்

Mohamed Dilsad

Leave a Comment