දේශීය

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

(UTV | කොළඹ) – ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් ඊයේ(15) පස්වරුවේ මේ බව සදහන් කරමින් පැවසුවේ ඩොලර් ගෙවා නිදහස්කරගත් නෞකාවේ ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් ගොඩබා අවසන් බවයි.

ලිට්‍රෝ සමාගම පසුගිය 4 වැනිදා සිට අඛණ්ඩව දින 13 ක් ගෘහස්ථ ගෑස් සපයා නොමැති අතර සැපයුම නොමැති වුවද ජනතාව අඛණ්ඩව ගෑස් අළෙවිසල් අසළ දිගු පෝලිම්වල රැදී සිටිති.

Related posts

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ

Editor O

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

Mohamed Dilsad

සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment