දේශීය

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

(UTV | කොළඹ) – ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් ඊයේ(15) පස්වරුවේ මේ බව සදහන් කරමින් පැවසුවේ ඩොලර් ගෙවා නිදහස්කරගත් නෞකාවේ ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් ගොඩබා අවසන් බවයි.

ලිට්‍රෝ සමාගම පසුගිය 4 වැනිදා සිට අඛණ්ඩව දින 13 ක් ගෘහස්ථ ගෑස් සපයා නොමැති අතර සැපයුම නොමැති වුවද ජනතාව අඛණ්ඩව ගෑස් අළෙවිසල් අසළ දිගු පෝලිම්වල රැදී සිටිති.

Related posts

පිරවුම්හල් සහ ඛණිජ තෙල් සංස්ථාව අතර ගැටළුවේදී බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි හැංගිලා… ද?

Editor O

මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment