දේශීය

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අධිකරණය මගහැර සිටීම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ය.

අදාළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබ ඇත.

මැයි 9 වන දා මයිනාගෝගම සහ ගෝඨාගෝගම ඇති වූ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ද ගොනුකර ගොනු කරනු තිබේ.

Related posts

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

එක රටක් එක නීතියක් බලකාය​ට නව සාමාජිකයින් තිදෙනෙක්

Mohamed Dilsad

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment