දේශීය

IMF සහය ලැබෙන දිනය ගැන අගමැතිගෙන් ඉඟියක්

(UTV | කොළඹ) – සැප්තැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා තමන් උපරිම උත්සහ දරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (ජූනි 8) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමග තමන් සාකච්ඡා කළ බව ය.

එහිදී ශ්‍රී ලංකාවට ඉක්මනින් මුදල් අවශ්‍ය බව තමන් ඇය හා පැවසුවේ යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වන බවට ඇය පැවසූ බව ය.

“IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එක්ක කතා කළා. ඔබතුමා කිව්ව එක තමා මම ත් කිව්වේ. අපිට විගහට මුදල් ඕනේ කිව්වා. දැනට තියෙන වැඩසටහන්වලට ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට මේක ඉක්මනින් ලබා දෙන්න. අපි මෙතැනින් එකඟ වුණා ම තමා අපිට වෙනත් රටවලින් මුදල් ලබා ගන්න පුළුවන් කියලා. එතුමිය කිව්වා ඒකට හොඳ ප්‍රතිචාරයක් දෙනවා කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ මාසයේ හෝ එන මාසයේ මේ වැඩ කටයුත්ත අවසන් කරන්න අපි උත්සහ ගන්න ඕනේ.”

පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කැපවීමෙන් මෙන් ම අලුතින් සිතා ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

Related posts

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

Mohamed Dilsad

කැලණි ගඟ පිටාර ගලයි

Editor O

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment