දේශීය

විදුලි බිල ඉහළ දාන්න CEB කළ ඉල්ලීම ගැන ඇමති කංචනගෙන් තීරණය

(UTV | කොළඹ) – විදුලි බිල ඉහළ දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම්වලට ලංවිම සහය නොදක්වන බැවින් මෙම තීරණය ගත් බව ය.

විදුලි බල මණ්ඩලය පුනර්ජනනීය ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට ඉඩ දිය යුතු අතර ඔවුන්ගේ ම වැටුප් ගෙවීම සඳහා ගාස්තු වැඩි කරනවාට වඩා විදුලි උත්පාදන පිරිවැය අඩු කළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සෑම වසර 3කට වරක් ම තමන්ගේ වැටුප් 25%කින් වැඩි කිරීමට ලංවිමට සාමූහික ගිවිසුමක් ඇති බව ය.

පුනර්ජනනීය බලශක්තිය හෝ විදුලි උත්පාදනයේ පිරිවැය අඩු කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැතිව වැටුප් හා උත්පාදන පිරිවැයේ අධික පිරිවැය එමගින් පාරිභෝගිකයින් මත පැටවෙන බව ඔහු පෙන්වා දී ඇත.

අමාත්‍යවරයා අවධාරණය කරන ඇත්තේ, මෙම ක්‍රමය වෙනස් විය යුතු බව ය.

Related posts

පරිප්පු සහ ටින් මාළු සඳහා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට [GAZETTE]

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට – අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් යෝජනාවක්

Editor O

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

Leave a Comment