දේශීය

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අධිකරණය මගහැර සිටීම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ය.

අදාළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබ ඇත.

මැයි 9 වන දා මයිනාගෝගම සහ ගෝඨාගෝගම ඇති වූ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ද ගොනුකර ගොනු කරනු තිබේ.

Related posts

කොටි ඩයස්පෝරාවට, පිල්ලෙයන් බිළි දී, දෙමළ ඡන්ද ගන්න, ආණ්ඩුව තුට්ටු දෙකේ දේශපාලනය තෝරගෙන – රාජිත සේනාරත්න

Editor O

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment