දේශීය

‘පෝලිම්වල ඉන්න එපා’ – ලිට්‍රෝ කියයි

(UTV | කොළඹ) – ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර අද (04) දිනයේ ද බෙදාහැරිමක් සිදුනොවන බව එම සමාගම පැවසීය.

මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් ගෑස් නෞකාවක් ලබන ඉරිදා දිවයිනට ළඟාවීමට නියමිත බවද එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව, ලබන අඟහරුවාදා සිට යළි ගෑස් බෙදාහැරිමේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පවසයි.

එතෙක් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ගෑස් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

Mohamed Dilsad

නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment