දේශීය

ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට

සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබේ.

 

ඒ අනුව ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

 

ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලීසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක් සොයාගෙන ඇත.

 

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දී ත්‍රීරෝද රථයක ලියාපදිංචි පොතක් සකසා දෙන බවට පවසා පේරාදෙණිය පොලිස් වසමේ පුද්ගලයෙකුගෙන් රුපියල් 180,000ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

 

පසුව ඒ සම්බන්ධ පැමිණිල්ල පේරාදෙණිය පොලීසිය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 21 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හෙළි වී ඇත.

 

ඔවුන් අද (28) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

Related posts

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

Editor O

මිල වැඩියි.. කවුරුත් ගන්නේ නෑ.. ඇක්වා, ෆයරුස් වාහන ආනයනය නවතා දමයි

Editor O

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment