ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 70 කට අධික මත් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – ලක්ෂ 70ට ආසන්න වටිනාකමකින් යුතු මත් පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

 

සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ සවස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සැකකරු ළඟ තිබී පෙති වශයෙන් මත් පෙති 1176ක් එම නිලධාරීන් භාරයට ගෙන ඇත.

 

ඒවා හැඩ දෙකකින් යුතුව පැවති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.නුගේගොඩ ගුවන්පාලම අසළදී  අත්අඩංගුවට ගනු ලැබූ  මෙම සැකකරු මහා පරිමාණ වශයෙන් මත්පෙති බෙදාහරින්නෙකු වන අතර ඔහු  අන්තර්ජාලය හරහා ඩුබායිවල සිට මෙම මත් පෙති ගෙන්වා ඇති බව හෙළිව තිබේ.

සැකකරු අද (16) ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජිනීවා මානව හිමිකම් සමුළුව උණුසුම්

Mohamed Dilsad

එජාපයේ ගැටළු මුහුණට මුහුණ සකච්ජාකර විසඳාගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

ව්‍යාජ නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment