ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් සහ පූනේ සුපර්ජයන්ට් අතර තරඟය අද

(උදයම්,ඉන්දියාව)   –  ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන වටයේ පළමු සුදුසුකම් ලැබීමේ තරඟය මුම්බායි හිදී අද පැවැත්වේ.

එහිදී තරඟ වදින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමය.

ජයග්‍රාහී කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබයි.

පළමු වටයේ තරඟ අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගත් මුම්බායි පිළට ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්ය.

පූනේ කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය පිළේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ද ඇතුළත් වෙයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරඟය සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිළ අතර හෙට පැවැත්වීමට නියමිතය.

.

Related posts

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම උසාවි යයි.

Editor O

ලසිත් මාලිංගට ඉදිරි IPL තරඟ කිහිපයක් අහිමි වෙයි..

Mohamed Dilsad

Leave a Comment