දේශීය

හිටපු අගමැති මහින්ද ඇතුළු සිව් දෙනෙක් මානව හිමිකම් කොමිසම හමුවට

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇතැයි එම කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු හිටපු ඇමැතිවරුන්ගෙන් ලබන බදාදා දිනයේ ප්‍රකාශ ලබා ගැනීමක් සිදුකරන බව වාර්තා වේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇති අතර ලබන බ්‍රහස්පතින්දා ඔහුගෙන් එම කොමිසම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 9 වන දා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැති මයිනාගෝගමේ සහ ගාලු මුව‍ෙදාර ගෝඨාගෝගමේ සාමකාමී විරෝධතාවක යෙදී සිටි පිරිසට එල්ල කළ ප්‍රහාරය සහ ඉන්පසුව සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට මෙම පිරිස මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකගෙන් මෙසේ ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන බව ද වාර්තා වේ.

Related posts

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 12 දෙනෙක් රෝහලට

Mohamed Dilsad

ගුරු ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment