දේශීය

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

(UTV | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පෙරවරුවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබෙනවා.

ඒ ලබන මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 554 ක මුදලක් අවශ්‍ය බවයි.

මෙම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100 ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබුණා.

ඩොලර් මිලියන 500 ක තවත් ණයක් ගැනීම සඳහා ඉන්දියානු රජය සමග සාකච්ඡා සිදුකරන බවද මෙම සාකච්ඡාවේදී හෙළිවී තිබුනා.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් විශ්වවිද්‍යාල 13-14 නිවාඩුයි.

Editor O

පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

Editor O

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment