දේශීය

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

(UTV | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පෙරවරුවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබෙනවා.

ඒ ලබන මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 554 ක මුදලක් අවශ්‍ය බවයි.

මෙම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100 ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබුණා.

ඩොලර් මිලියන 500 ක තවත් ණයක් ගැනීම සඳහා ඉන්දියානු රජය සමග සාකච්ඡා සිදුකරන බවද මෙම සාකච්ඡාවේදී හෙළිවී තිබුනා.

Related posts

උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

SJB මෙවර මැයි දිනය මහනුවරදී

Mohamed Dilsad

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment