දේශීය

ලංකාවට සහාය දෙන්න IMF සූදානම්

(UTV | කොළඹ) – ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජෝර්ජියාවා ප්‍රකාශ කරයි.

ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවැසුවාය. “කලක් ඉතා සමෘද්ධිමත් වූ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ පින්තූර නැරඹීමෙන් මගේ හදවත බිදී යනවා” යැයි ඇය පවසයි.

එය වැරදි කළමනාකාරීත්වයේ ප්‍රතිඵලයක් බව ජෝර්ජිවා සඳහන් කළේ, කළ යුතු වැදගත්ම දෙය වන්නේ ශ්‍රී ලංකාව යළි යහපත් සාර්ව ආර්ථික පදනමකට ගෙන ඒම බවයි.

ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත්, ඒ සඳහා අරමුදල ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බවත් IMF ප්‍රධානියා අවධාරණය කළේය.

මේ වන විට තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවත් වැඩසටහන කෙබඳු විය හැකිද සහ ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි බවක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවත් ඇය වැඩිදුරටත් පැවැසීය.

Related posts

මැයි 07 වෙනිදා නිවාඩු ලැබෙන පාසල් ලේඛනය මෙන්න

Editor O

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment