දේශීය

ලංකාව ගැන ලෝක බැංකුව දැඩි තීරණයක් ගනී

(UTV | කොළඹ) – ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් බැංකුව සැලකිලිමත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් හා සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

තවත් කොවිඩ්-ආසාදිතයන් 168 ක් හමුවෙයි

Mohamed Dilsad

නව කැබිනට්ටුව ලබන සතියේ රැස්වේ

Mohamed Dilsad

ක්‍රියාකාරී දේශපාලනයට හිත හොඳ නිර්දෝශී මිනිසුන් අවශ්‍යයයි – රංජන් රාමනායක

Editor O

Leave a Comment