දේශීය

කොළඹට පැය 10 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මේ මස 21 වැනිදා (සෙනසුරාදා) රාත්‍රී 10.00 සිට පසුදින (22 වැනිදා) පෙරවරු 8.00 දක්වා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙම නවීකරණ කටයුත්ත නිසා කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් කියයි.

Related posts

අද විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment