දේශීයප්‍රමුඛ පුවත 1

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

(UTV |කොළඹ ) – මෙරට බිද වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීය.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවද  එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වාගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා පැවසීය.

ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකුවලට කියා නැති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

Mohamed Dilsad

පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාල

Mohamed Dilsad

වැලි මිලට ගැනීමට නව තාක්ෂණික ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment