දේශීය

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මීට පෙර ද සිද්ධියට අදාළව මොරටුව නගර සභා සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර, මැයි 9 වන දා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 159 දෙනෙකු ඊයේ (මැයි 15) අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඊට පෙර පුද්ගලයින් 398 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

අලුත් සඳ සැප්තැම්බර් 29 පායයි.

Editor O

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

Mohamed Dilsad

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොරකම් කරලා – එජාප සභාපති වජිරගෙන් නිවේදනයක්.

Editor O

Leave a Comment