දේශීය

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – රටේ ආර්ථික තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ආර්ථික තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.

වත්මන් ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය මෙන්ම රට යළි ගොඩ නගන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළිදරව් කරනු ඇති.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

Related posts

මැදවච්චිය වැවේ දියේ ගිලී ළමුන් සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 3 ක්

Mohamed Dilsad

අමු ඉඟුරු මිල අහසට

Editor O

Leave a Comment