දේශීය

මැදවච්චිය වැවේ දියේ ගිලී ළමුන් සිව් දෙනෙක් මරුට

(UTV |මැදවච්චිය) – මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් හත්දෙනෙකු දියේ ගිලී  තිබේ.

මෙලෙස අනතුරටපත්ව ඇත්තේ ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (19) සවස 6.30 පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

එයින් තිදෙනෙකු බේරා ගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.

අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මිය ගොස් ඇත.

ගෝමරන්කඩවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 13,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

කල් ඉකුත් වූ සහ ප්‍රමිතියෙන් තොර බෙහෙත් විනාස කරන්න රුපියල් කෝටි 12ක් ගෙවලා..¡

Editor O

ඇමති නලින්ද ජයතිස්සට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

Leave a Comment