දේශීය

රඹුක්කන සිද්ධිය : විමර්ශනයට IGP ඇතුලු පිරිසක් අද මානව හිමිකම් කොමිසමට

(UTV | කොළඹ) – රඹුක්කන නගරයේ පැවැති විරෝධතාව පාලනය කිරීම අතරතුර ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇතිවු ගැටුම පිළිබඳ සිදුකරන පරීක්ෂණයට අදාළව පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් නිළධාරීන් පිරිසක් අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට අද පෙරවරු 11 ට සිය ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ.

මෙම සිද්ධියේ විමර්ශන සඳහා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු, නීති නිලධාරියෙකු සහ මානව හිමිකම් නිලධාරියෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් මේවනවිටත් රඹුක්කන ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

මීට අමතරව රඹුක්කන ප්‍රදේශයේ හටගත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම්ව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවද මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

අගමැති ලබන 19 වනදා බංග්ලාදේශයේ නිල සංචාරයක

Mohamed Dilsad

අදත් විදුලිය නැහැ

Mohamed Dilsad

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අනිද්දාට

Mohamed Dilsad

Leave a Comment