දේශීය

අවශ්‍ය විටකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න

(UTV | කොළඹ) – අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා පැවසුවේ, සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන්නැයි සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බවය.

මේ අතර, අද කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

Related posts

ශ්‍රී ලංකාවේ – ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ට වරෙන්තු

Editor O

ජයන්ත සමරවීරට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment