දේශීය

හෙට සිට දුම්රිය ගාස්තු ඉහළ යන හැටි මෙන්න

(UTV | කොළඹ) – දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ඊයේ (මාර්තු 28) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, හෙට (මාර්තු 30) සිට ඉහළ දැමූ නව මිල ගණන් යටතේ දුම්රිය ධාවනය වනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙතෙක් පැවති පළමු පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 1යි ශත 30ක් වූ අතර නව මිල සංශෝධනය යටතේ එම මුදල රු. 2.00 දක්වා ඉහළ දැමීමක් සිදු වන බව ය.

ප්‍රතිශතයක් ලෙස සලකා බැලීමේදී එම අගය ඉහළ යාම තරමක් වැඩි වුව ද දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල ගණන් ඉහළ දැමීමක් සිදු කර නොමැති බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ගාස්තු පියවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පවතින බව ය.

එබැවින් දුම්රිය සේවය මෙතෙක් පවත්වාගෙන යනු ලැබුවේ වසරකට රු. බිලියන 4ක පමණ පාඩුවක් ලබමින් බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.

Editor O

ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට

Mohamed Dilsad

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment