දේශීය

රනිල්ට අගමැති ධුරය දෙන්න SLPP සූදානම් නැහැ

(UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.

පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවයි.

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළේ ය.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.

Related posts

වර්ජනයේ නිරත ගුරුවරුන් තවත් පියවරක් ගන්නා බව කියයි

Mohamed Dilsad

නීතිඥ සර්ජුන් ජමාල්ඩීන් රචනා කළ ග්‍රන්ථ තුනක් එළි දක්වයි.

Editor O

වන අලින්ට වෙඩි තියන්නේ මීට පෙර පාලකයන් ලබාදී ඇති තුවක්කුවලින්… – පරිසර ඇමති ධම්මික

Editor O

Leave a Comment