දේශීය

රනිල්ට අගමැති ධුරය දෙන්න SLPP සූදානම් නැහැ

(UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.

පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවයි.

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළේ ය.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.

Related posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයට දේශීය සිසුන්ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කිරීම අසාධාරණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ආසාදිතයින් 406 ක් සුවය ලබයි

Mohamed Dilsad

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment