විදෙස්

අද පාකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගය

(UTV |  ලාහෝර්) – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය අද එරට ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී සළකා බැලෙනවා.

එහි මහලේකම්වරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ පහළොස් වැදෑරුම් න්‍යාය පත්‍රයට මෙම විශ්වාසභංගයද ඇතුළත්.

ආසන 342කින් යුත් පාකිස්ථාන ජාතික සභාව තුළ විශ්වාසභංගය සම්මත කිරීමට නම් අවම වශයෙන් මන්ත්‍රීවරුන් එක්සිය හැත්තෑ දෙදෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන තෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂයට ආසන 155ක් හිමිව ඇති අතර, ඔවුන්ට සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගේද සහාය පළ වනවා.

කෙසේ නමුත් ඡන්ද විමසීමේ දී පාලක සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ විපක්ෂයට එක්විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

විපක්ෂය විසින් අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විස්වාසභංගයක් ඉදිරිපත් කර ඇත්තේ රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හා උද්ධමනය ඉහළ යාමට පාලක සන්ධානයේ ප්‍රතිපත්ති මුල්වී ඇති බවට චෝදනා කරමින්.

Related posts

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් වෙත අමෙරිකාවේ නීති සම්පාදකයින්ගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment