දේශීය

ගෑස් බෙදා හැරීම යථා තත්ත්වයට

(UTV | කොළඹ) – ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්වයට පත් කරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලේ ගෑස් හිඟයට පිළියම් ලැබෙනු ඇති බවයි ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළේ.

පසුගිය දිනවල වෙළඳපොලේ ලිට්රෝ ගෑස් හිඟයක් උද්ගත වූයේ ණයවර ලිපි විවෘත කිරීමට ඇතිවූ දුෂ්කරතාව මතයි.

කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රිය වනවිට රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව දැනට දිවයිනට ළඟා වී ඇති නෞකා දෙකේ අඩංගු ගෑස් තොග ද ගොඩබෑම ආරම්භ කරන අතර, දිනකට සිලින්ඩර 80,000ක් වෙළඳපොලට නිකුත් කිරීමටයි ලිට්රෝ සමාගම සැළසුම් කර ඇත්තේ.

Related posts

ගංවතුර පැවති ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමක්

Editor O

ජනපති තවත් හමුවක

Mohamed Dilsad

නීතිවිරෝධීව වාහන අමතර කොටස් ගෙන්වුවොත් වෙන දේ

Mohamed Dilsad

Leave a Comment