දේශීය

“ආණ්ඩුව IMF වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි”

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද රජයෙන් ඉල්ලීමක් කළා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ කියා සිටියේ විදේශ සංචිත පිළිබඳ දත්ත ඇතුළු රාජ්‍ය මූල්‍ය සම්බන්ධ සියලු කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් සභාගත කළ යුතු බවයි.

එම තොරතුරු මත පදනම්ව මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වා පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

රටේ වත්මන් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්නේ නම් රජයේ මුදල් පිළිබඳ තොරතුරු ඔවුන් සතුව තිබිය යුතු බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවට ප්‍රවේශ වීමට පක්ෂ නායකයින්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ වෙළඳ සංගම්වලට හැකි විය යුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අදහසයි.

Related posts

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙන බව දැනුම් දෙයි

Mohamed Dilsad

එළවළු මිළ ඉහලට

Mohamed Dilsad

අවුරුදු 12ට වැඩි දරුවන්ටත් ෆයිසර්

Mohamed Dilsad

Leave a Comment