ගොසිප්

‘ලොහාන්ගෙන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක්’

(UTV | කොළඹ) – සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කණස්සල්ලට පත්ව සිටින්නේ යැයි වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් දිලුම් අමුණුගම මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූ අතර එස්.බී. දිසානායක මහතාද කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට එක්විය.

ලොහාන් රත්වත්තේ මහතා තම හිතවත් පිරිස් සමග සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ටද මෙම රජයේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවීම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඔහු ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි. 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දෙනා හැර යද්දී තමන් සමග දිගටම සිට ඔහු ආරක්ෂා කල බවද රත්වත්තේ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

Related posts

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

Mohamed Dilsad

චම්පිකගේ හොර පිස්තෝලයක් හමුවේ – පොලිස් පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

සරත්ලා පියුමි නිසා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment