දේශීය

දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන දින තුනකට පමණයි

(UTV | කොළඹ) – බස් ධාවනය සඳහා ඩීසල් සැපයීම අර්බුදයක් පවතින පසුබිමක දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන පවතින්නේ දින 3ක් සඳහා පමණක් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය සීමා කරන ලෙස බලධාරීන්ට යෝජනා කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියා.

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි ඉල්ලා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන සංචිත ප්‍රමාණය අවම මට්ටමකට පැමිණ ඇති බැවින් ඉන්ධන පරිහරණයේ දී සැලකිලිමත් වන ලෙසයි.

Related posts

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවට බලපෑම් නැහැ [RELEASE]

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment