දේශීය

අද පැය පහකට විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා අද (25) දිනයේදීත් විදුලි කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂම විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබේ.

මේ අනුව A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක් හා සෙසු කලාපවලට පැය 5යි විනාඩි 15 ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවේ.

බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (24) සහ පෙරේදා (23) දිනවල A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.

මේ අනුව අද (25දා) උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A, B සහ C කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක වන අතර, එය පෙරවරුවේ පැය 2ක් සහ රාත්‍රියේදී පැය 2යි විනාඩි 40ක් ලෙස ක්‍රියාත්මක වේ.

එසේම සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක වන අතර, එය පෙරවරුවේ පැය 2කයි විනාඩි 45ක් හා රාත්‍රියේදී පැය 2යි විනාඩි 30ක් ලෙස විදුලි කප්පාදුවක් සිදු වේ.

විදුලිය කැපීම සිදුවන වේලාවල් හා ප්‍රදේශ දැක්වෙන සවිස්තරාත්මක සටහන මෙතනින්…

Related posts

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment