දේශීය

යුක්රේන – රුසියා අවුල ගැන රජය මැද මතයක

(UTV | කොළඹ) – යුක්රේන – රුසියා අර්බුදය දෙස ශ්‍රී ලංකාව මැදිහත්ව බලා සිටින බව රජය පවසනවා.

විදේශ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ශ්‍රී ලංකාව වැනි රටකට රුසියාවට ආර්ථික හෝ වෙනත් සම්බාධක පැණවීමට හැකියාවක් නොමැති බවයි.

යුක්රේනයේ තවදුරටත් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම බෙලරුසියාවේ දැනට අධ්‍යාපනය හදාරන ලාංකික සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බවද මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටියා.

Related posts

ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

IOC සහයට සිපෙට්කෝ බවුසර්

Mohamed Dilsad

කොරෝනා හත් වන මරණයත් වාර්තාවේ

Mohamed Dilsad

Leave a Comment