දේශීය

දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන දින තුනකට පමණයි

(UTV | කොළඹ) – බස් ධාවනය සඳහා ඩීසල් සැපයීම අර්බුදයක් පවතින පසුබිමක දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන පවතින්නේ දින 3ක් සඳහා පමණක් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය සීමා කරන ලෙස බලධාරීන්ට යෝජනා කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියා.

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි ඉල්ලා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන සංචිත ප්‍රමාණය අවම මට්ටමකට පැමිණ ඇති බැවින් ඉන්ධන පරිහරණයේ දී සැලකිලිමත් වන ලෙසයි.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි.

Editor O

මන්ත්‍රී ලියුම් ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකුට සිර දඬුවම්

Editor O

Leave a Comment